ඉරාක අගමැතිගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්.....

නොවැ 07, 2021

    ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදීමිගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    ඝාතන ප්‍රයත්නය ව්‍යර්ථ වී ඇත්තේ ඔහු ක්‍ෂණිකව නිවසින් බැහැරව යාමට සමත්වීම හේතුවෙන්. බැග්ඩෑඩ් අගනුවර පිහිටි අධි ආරක්‍ෂිත කලාපයකට ප්‍රහාරය එල්ල වුණා. ඉන් අග්‍රාමාත්‍ය ආරක්‍ෂක අංශයේ 6 දෙනෙකු තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ. පසුගියදා පැවති එරට මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ රට තුළ නොසන්සුන්තා හටගෙන තිබෙනවා.

    අග්‍රාමාත්‍යවරයා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, සංයමයෙන් ක්‍රියා කරන ලෙසයි. අද එල්ල වූ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් බාරගෙන නැහැ.

    Latest News