නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

වැසි සහිත කාලගුණයත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම හා මහ ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

අධික වර්ෂාවත් සමග ඉන්දියාවේ චෙන්නායි නුවර පහත් බිම් ජලයෙන් යටවී තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ රැසක් පිටාර ගැලීම හේතුවෙන් පහත් බිම් වල වෙසෙන ජනතාව රැසක් අවතැන්ව සිටියි. කළාවැවේ වාන් දොරටු දෙකම විවෘත කර ඇති අතර වාන් දොරටු වලට අමතරව පිට වානෙන්ද ජලය ගලා යන බවයි අප වාර්තාකරු පවසන්නේ. ඒ හේතුවෙන් කළාවැව අසළ කළාවැව මාර්ගය ජලයෙන් යටවී තිබේ. අවුකන - කළාවැව මාර්ගය, හිරිපිටියාගම- ගල්නෑව මාර්ගය ඇතුළු මාර්ග කීපයක්ම ජලයෙන් යටවී තිබේ.

කොටහේන - ආමර් බාබර් මංසන්ධිය මුළුමනින්ම ජලයෙන් යටවීම නිසා අධික රථවාහන තදබදයක් හටගෙන තිබේ. 

දකුණු දිග අප්‍රිකාවට බලපෑ ඉඩායි සුළි කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව 700 දක්වා ඉහළ ගොස් තිබේ.

Latest News