කොටහේන - ආමර් බාබර් හංදිය ජලයෙන් යටවෙයි

සැප් 16, 2019

    කොටහේන - ආමර් බාබර් මංසන්ධිය මුළුමනින්ම ජලයෙන් යටවීම නිසා අධික රථවාහන තදබදයක් හටගෙන තිබේ. 

    මේ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ මෝටර් රථ වලට එම ප්‍රදේශයෙන් ගමන් කිරීමේ හැකියාවක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 

    මේ නිසා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

    * වත්තල දෙසින් පැමිණෙන වාහන මට්ටක්කුලිය හා මෝදර දෙසින් කොටුව දෙසට ගමන් කළ හැකියි.
    * පෑලියගොඩ බේස්ලයින් පාර ඔස්සේ බොරැල්ල දෙසට ගමන්කර ඉදිරියට යා හැකියි.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 10:31

    Latest News