අනුරාධපුරයෙත් රැසක් අවතැන්

දෙසැ 22, 2019

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ රැසක් පිටාර ගැලීම හේතුවෙන් පහත් බිම් වල වෙසෙන ජනතාව රැසක් අවතැන්ව සිටියි. කළාවැවේ වාන් දොරටු දෙකම විවෘත කර ඇති අතර වාන් දොරටු වලට අමතරව පිට වානෙන්ද ජලය ගලා යන බවයි අප වාර්තාකරු පවසන්නේ. ඒ හේතුවෙන් කළාවැව අසළ කළාවැව මාර්ගය ජලයෙන් යටවී තිබේ. අවුකන - කළාවැව මාර්ගය, හිරිපිටියාගම- ගල්නෑව මාර්ගය ඇතුළු මාර්ග කීපයක්ම ජලයෙන් යටවී තිබේ.

    කළාවැව,රාජාංගනය, නුවරවැව, මහ කනදරාව, යාන් ඔය, අංගමුව, නාච්චාදූව ආදී මහා පරිමාණ ජලාශ පිටාර ගැලීමත් සමග ඒවායේ ජලය පහත් බිම් වලට ගලා යාම හේතුවෙන් මධ්‍ය පරිමාණා හා කුඩා පරිමාණ වැව්ද පිටාර මට්ටමට පැමිණ තිබේ.

    නාවික හමුදාවා, යුධ හමුදාව, පොලීසිය හා ප්‍රදේශීය ලේකම් කාර්යාල නිළධාරීන් එක්ව පහත් බිම් වල සිටි ජනතාව බෝට්ටු මගින් අවතැන් කදවුරු වෙත ගෙන ඒමට මේ වන විටත් කටයුතු කර තිබේ.

    දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් අවහිරව ඇති අතර විදුලි රැහැන් බිද වැටී තිබේ.

    මේ වන විට වැසි තත්වයේ අඩුවක් පැවතිය ද කළාවැවට ඉහළ ප්‍රදේශයන්, කළාවැවට ගලා එන ජලය හේතුවෙන් කළා වැවේ ජල මට්ටම ඉහළ යන බවත්, කළාවැවේ ජලය කළාඔය ජලාශයට මුදා හැරීම හේතුවෙන් මහවැලි එච්. කළාපයට අයත් ගම්මාන රැසක වැව් වාන් දමන බවත් වාරී මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර පසුගියදා (19) රාත්‍රී හමාගිය සුළි සුළගකින් හිදෝගම, 104 ගම්මානය, සුහදගම, 12 ඇල ආදී ගම්මානවල නිවාස රැස කට බරපතල හානි සිදුව තිබේ.

    Weather1

    Weather1

    Weather1

    Weather1

    Last modified on ඉරිදා, 22 දෙසැම්බර් 2019 10:00

    Latest News