මාස 20කට පසු අමෙරිකාව සංචාරකයන්ට දේශසීමා විවෘත කරයි......

නොවැ 08, 2021

    මාස 20කට පසු අමෙරිකාව සංචාරකයන් සඳහා තම දේශසීමා විවෘත කර තිබෙනවා.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගත් එන්නත් මාත්‍රා දෙකක් ලබාගත් පුද්ගලයන්ට පමණයි එරට සංචාරය සඳහා අවසර ලැබෙන්නේ. හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ගේ පාලන සමයේ සංචාරකයන් සඳහා පනවා තිබූ තහනම අද සිට ඉවත් වනවා. පූර්ණ එන්නත්කරණයට ලක් වූ අයට සීමා ඉවත්කර ඇති මුත් කොරෝනා ආසාදිතයන් සමඟ සම්බන්ධතා පිළිබඳ ගුවන් සමාගම් සමඟ එක්ව සොයා බලන බවයි බලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ.

    ඉකුත් වසරේදී කොරෝනා ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා චීන සංචාරකයන්ට පමණක් පනවා තිබූ දේශසීමා වසා දැමීමේ නීතිය පසුව සෙසු රටවලට ද ක්‍රියාත්මක කෙරුණා. අමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හාර කෝටි හැත්තෑ තුන් ලක්‍ෂ 36,000 ඉක්මවනවා. මරණ සංඛ්‍යාව ද හත් ලක්‍ෂ 75,000කට අධික බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වා දෙන්නේ.

    Latest News