දෝහා,චෙන්නායි සිට අදත් පිරිසක් දිවයිනට

නොවැ 14, 2020

    අද දින උදෑසන වන විට දෝහා කටාර් සිට පුද්ගලයින් 45ක්, චෙන්නායි සිට පුද්ගලයින් 32ක් මෙරටට පැමිණ තිබේ.

    එසේම, අද මධ්‍යහන වන විට අබුඩාබි සිට පුද්ගලයින් සිව් දෙනෙක් මෙරටට පැමිණීමට නියමිතයි. එසේ පැමිණෙන පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට සූදානම් කර තිබේ.

    අද දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 31ක් තුළ පුද්ගලයින් 2,956ක් නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ දින (13) තුල සිදුකළ පීසීආර් පරීක්ෂණ 9,575ක් සිදුකර ඇත.

    Latest News