දරුවන්ට ෆයිසර් එන්නතෙන් 93%ක් එලදායිතාවක්

ඔක් 20, 2021

    බ්‍රිතාන්‍යයේ ඊයේ කොරෝනා මරණ 223ක් සිදුව තිබේ. එය මාස 7ක් තුළ එරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි.

    මේ අතර, වයස අවුරුදු 12ත් 18ත් අතර දරුවන්, කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතවීම වළක්වා ගැනීමට ෆයිසර් එන්නත 93%ක් එලදායිතාවක් පෙන්නුම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. ඊයේ බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 43,738ක්.

    රට තුළ ඉහළ කොරෝනා ව්‍යාප්තියක් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වීම බරපතල අර්බුදයක් වී තිබේ. ඊයේ සිදුවූ කොරෝනා මරණ 223න් බහුතරයක් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමෙන් දින 28ක් ඇතුළත මිය ගොස් ඇති බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ.

    ආසාදිතයන් ඉහළ යාම නිසා එරට සෞඛ්‍ය පද්ධතියද,බිඳ වැටෙමින් පවතියි. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවන්නේ, එළැඹෙන ශීත සෘතුවේදී රටේ කොරෝනා අවදානම තවදුරටත් ඉහළ යාම පාලනයට දැඩි නිති යළි බලාත්මක කළ යුතු බවයි.

    කෙසේ වුවද රට වසා තැබීමක් හෝ දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමක් පිළිබඳව මෙතෙක් තීරණය කර නැති බව එරට රජය පවසන්නේ.

    වෛරසය ව්‍යාප්ති තත්ව පිළිබඳව විමසිල්ලෙන් ක්‍රියාකරමින් ඉදිරි පියවර ගැනීමටයි, බ්‍රිතාන්‍ය රජය අපේක්ෂා කරන්නේ.

    Last modified on බදාදා, 20 ඔක්තෝබර් 2021 15:59

    Latest News