බ්‍රිතාන්‍යයේ ලොරි රියදුරු පුරප්පාඩු පිරවීමට හමුදා‍ නිලධාරීන්

ඔක් 02, 2021

    බ්‍රිතාන්‍යයේ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ රියදුරු පුරප්පාඩු පිරවීම සඳහා හමුදා රියදුරන් යෙදවීමට පියවර ගෙන තිබේ. එය ලබන සඳුදා සිට ක්‍රියාත්මක බවයි, එරට රජය පවසන්නේ.

    ලොරි රථ රියදුරන් ‍නොමැතිවීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ අත්‍යවශ්‍ය ආහාර හා ඉන්ධන සැපයුම අඩාල වී තිබේ. මේ නිසා ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබෙයි.

    හමුදාවේ පුහුණු රියදුරන් වුවද, ඔවුන්ට ලොරි රථ පැදවීම සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමට නියමිතයි. ඒ සඳහා හමුදා භටයින් 200 දෙනෙකු පුහුණු පාඨමාලාවකට යොමු කර සිටියි.

    බ්‍රිතාන්‍යයේ භාණ්ඩ සැපයුම් සාමාන්‍ය තත්වයට පත් කිරීමට නම් ලොරි රථ රියදුරන් ලක්ෂයකට අධික පිරිසක් අවශ්‍ය බවයි, එරට බලධාරීන් පවසන්නේ.

    යුරෝපා සංගමයේ බ්‍රෙක්සිට් ගිවිසුම හේතුවෙන් ලොරි රථ රියදුරන්ට එරටින් පිටව යාමට සිදුව තිබේ.

    Last modified on සෙනසුරාදා, 02 ඔක්තෝබර් 2021 12:30

    Latest News