යුද හමුදා විශේෂ බලකා 23 වැනි සංවත්සරය සැමරුම නාවුලදී

ජන 18, 2020

    ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකායේ 23වැනි සංවත්සරය ඊයේ දිනයට යෙදී තිබිණ. සංවත්සර සැමරුම පැවැත්වුණේ, නාවුල විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී.

    උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි. ජනාධිපති රණ පරශුව සහ රෙජිමේන්තු රණ පරශුව යන සම්මානයන්ගෙන් ද ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකාය ගෞරවයට පාත්‍ර වී තිබේ. විශේෂ බලකා රෙජිමේන්තුව සතුව බලඇණි 4ක්, පුහුණු පාසල් 2ක්, විශේෂ බලකා සේනාවකින් සහ මූලස්ථාන බලඇණියකින් සමන්විතයි.

    4000කට අධික භටපිරිසක් එහි සේවයේ නියැලී සිටිති. මෙහිදී අදහස් දක්වමින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ, නිවාස ව්‍යාපෘති, ශිෂ්‍යත්ව ප්‍රදානය ඇතුළු සියලු සුභසාධන කටයුතු වැඩිදියුණු කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි. සම්මාන ආචාර පෙළපාලි සහ කඳවුරු සම්මාන මුර ඇතුළු වැඩසටහන් මාලාවක් මෙම සංවත්සරය නිමිත්තෙන් සංවිධාන කර තිබිණ.

     

     

    Last modified on සෙනසුරාදා, 18 ජනවාරි 2020 12:04

    Latest News