පොදු සමාකාලය තුළ හමුදා නිලධාරීන් 8000කට වැඩි පිරිසක් යළි සේවයට

පෙබ 13, 2020

    ප්‍රකාශයට පත් කර තිබු පොදු සමා කාලය තුළ දී ත්‍රිවිධ හමුදායට අයත් සේවයට නොපැමිණි සිටි නිලධාරීන් 13ක් හා සෙසු නිළයින් 8005ක් නැවත සේවයට වාර්තා කර ඇති බව යුද හමුදාව පවසයි.

    ඒ අතර යුද හමුදාවේ නිලධාරීන් 7ක් සහ සෙසු නිල්‍යන් 6091ක් ද නාවික හමුදාවේ නාවිකයන් 773ක් ද ගුවන් හමුදාවේ නිලධාරීන් 6ක් හා සෙසු නිලධයින් 1141ක් සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට යළි සේවයට වාර්තා කිරීම සඳහා පසුගිය 05 වැනිදා දින සිට ලබාදී තිබු පොදු සමා කාලය ඊයේ (12) දිනයෙන් අවසන් විය.

    එහිදී සැලකිය යුතු පිරිසක් යළි සේවයට වාර්තා කිරීම සතුටුදායක කරුණක් බව බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 පෙබරවාරි 2020 11:48

    Latest News