ඉන්දියාවට එන බ්‍රිතාන්‍ය වැසියන් දින 10ක් නිරෝධායනයට

ඔක් 02, 2021

    ඉන්දියාවට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සියලු බ්‍රිතාන්‍ය වැසියන්ට දින 10ක නිරෝධායන කාලයක් අනිවාර්ය කර තිබේ. මෙම නව නීතිය ලබන සඳුදා සිට බලපැවැත්වෙන බවයි, වාර්තා වන්නේ.

    බ්‍රිතාන්‍ය ද එරට පැමිණෙන ඉන්දියානුවන්ට මෙවැනිම නිරෝධායන කාලයක් පනවා තිබේ. ඊට ප්‍රතිචාර ලෙසයි ඉන්දියාව මෙම නව නිරෝධායන නීතිය හඳුන්වාදී ඇත්තේ.
    කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා ඇති පුද්ගලයින්ට නිරෝධායන කාල සීමාවකින් තොරව ගමන් කිරීමට බ්‍රිතාන්‍ය අවසර ලබාදී තිබේ.
    එහෙත්, ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා හා චීනයේ නිෂ්පාදිත එන්නත් ලබා ගත් පුද්ගලයන්ට එම අවසරය නොලැබීම, ඉන්දීය රජයේ දෝෂාරෝපණයට ලක්ව තිබිණ.
    ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර තිබුණ ද ඉන්දීය ඇස්ට්‍රාසෙනෙකා එන්නත විශ්වාසදායක නොවන එන්නතක් ලෙස බ්‍රිතාන්‍ය නම් කිරීම ප්‍රධාන ගැටලුවයි.

    Last modified on සෙනසුරාදා, 02 ඔක්තෝබර් 2021 12:45

    Latest News