ඇෆ්ගනිස්ථානයේ මාධ්‍ය ආයතන රැසක් වැසෙයි

සැප් 20, 2021

    ඇෆ්ගනිස්ථානය තලේබාන් පාලනයට නතුවීම නිසා එරට මාධ්‍ය ආයතන රැසක් වසා දමා ඇති බව වාර්තාවේ.

    ගෙවී ගිය මාසය තුල එරට මාධ්‍ය ආයතන 153 ක් වසා දමා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය සම්මේලනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. තවත් මාධ්‍ය ආයතන රැසක් වසා දැමීමට ආසන්නව පවතී. ඇෆ්ගනිස්ථානය තුල භාෂණයේ නිදහස භයානක අන්දමින් උල්ලංගණය වන බවටද එම සම්මේලනය චෝදනා කරයි. මාධ්‍යවේදිනියන් රැසක් මේ වනවිට රැකියා හැර ගොස් ඇති අතර මාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා දිනෙන් දින ඉහල යමින්  පවතී. මාධ්‍යවේදීන් භාවිත කරන මෝටර් රථ තලේබාන් සංවිධානය භාරයට ගෙන තිබෙ. නිකරුනේ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම ද නිරතුරු සිදු වන බව ජාත්‍යන්තර මාධ්‍ය සම්මේලනය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    Last modified on සදුදා, 20 සැප්තැම්බර් 2021 08:45

    Latest News