"ඇබ්ඩාලා" එන්නතට වියට්නාමයේ අනුමැතිය...

සැප් 20, 2021

    ගතවූ පැය 24 තුළ වියට්නාමයෙන් නව ආසාදිතයන් 10,040 දෙනෙකු හඳුනා ගෙන ඇත.

    එම කාලය තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 233 ක්. එරටින් මේ දක්වා වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 687,000 ඉක්මවන අතර, සමස්ථ මරණ සංඛ්‍යාව 17,000 කට අධිකයි. කියුබාවේ නිෂ්පාදිත "ඇබ්ඩාලා" නම් කොවිඩ් මර්දන එන්නත භාවිත කිරීමට වියට්නාම රජය අවසර ලබාදී ඇති අතර, එරට භාවිතයට අනුමැතිය හිමවූ 8 වැනි එන්නත මෙයයි.

    නව ආසාදිතයින්ගේ අඩුවීම හා එරට වැඩිහිටි ජනගහනයෙන් විශාල සංඛ්‍යාවකට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදීමත් සමග වියට්නාමයේ අගනුවර වන හැනායි ප්‍රදේශයට පනවා තිබූ අගලු දැමීමේ සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.

    Latest News