බඩගින්න උරුම මිනිස්සු

සැප් 06, 2023

    මිලියන 10 කට ආසන්න ඇෆ්ගනිස්තාන ජනතාවට මේ වසරේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ, ආධාර අහිමි වී ඇති බව, එම සංවිධානය නිවේදනය කොට තිබෙනවා.


    සැප්තැම්බර් මාසයේදී මිලියන 2 ක ජනතාවකට ආහාර ආධාර කපා හැරීමට සිදුව ඇති බවයි, ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ.
    ලෝක ආහාර වැඩසටහන අනුව, ඔවුන් මුල්‍යමය අර්බුදයකට මුහුණ පා සිටින අතර, මසකට මිලියන 3 ක ජනතාවකට පමණක් හදිසි ආධාර සැපයීමට පමණක් හැකි වනු ඇතැයි, ප්‍රකාශ කොට තිබෙනවා.
    මේ අනුව, ඉදිරියේ දී මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සහ කාන්තාවන්ට තම ආධාර සැපයීමට පමණක් සිදු කළ හැකි බවයි, ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ.
    ඇෆ්ගනිස්තානයේ, මිලියන 21 ක ජනතාවකට ආහාර සැපයීමට ලෝක ආහාර වැඩසටහන යටතේ ඉදිරි මාස 6 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 1 ක් අවශ්‍ය වන බව, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

     

    Latest News