ඇෆ්ගන් කතුන්ට කැළේ තහනම්

අගෝ 28, 2023

    තලේබාන් රජය විසින් ඇෆ්ගන්ස්ථානයේ බාමියන් පළාතේ බාන්ද් ඊඅමීර් ජාතික වනෝද්‍යානයට කාන්තාවන්ට ඇතුළුවීම තහනම් කර තිබෙනවා.

    තලිබාන් සංවිධානයේ ආචාරධර්ම පිළිබඳ වැඩබලන අමාත්‍ය මොහොමඩ් කලීඩ් හනාෆි පවසන්නේ ඇෆ්ගන්ස්ථාන කාන්තාවන් වනෝද්‍යානය තුළ හිජාබය පැළඳ නොසිටීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

    තලිබාන් ඉහළ නිලධාරීන් සමග සාකච්චාකොට විසඳුමක් ලැබෙන තුරු කාන්තාවන්ට බාන්ද් ඊ අමීර් ජාතික උද්‍යානයට ඇතුළුවීම තහනම් කරන ලෙස ආගමික පූජකවරුන්ගෙන් සහ ආරක්ෂක අංශවලට අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.

    බාන්ද් ඊඅමීර් ජාතික උද්‍යානයට සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානයක් ලෙසයි, සැලකෙන්නේ.

    එය 2009 වර්ෂයේදී ඉදිකරන ලද ඇෆ්ගනිස්ථානයේ පළමු ජාතික වනෝද්‍යානයයි.

    Latest News