ජනතාවගේ බැංකු තැන්පතුවල ආරක්ෂාව සහතික කරනවා - තලේබාන් රජය

සැප් 16, 2021

    ඇෆ්ගනිස්ථානයේ වාණිජ බැංකුවල තැන්පතුවල ආරක්ෂාව තම රජය සහතික කරන බව එරට තලේබාන් රජය සදහන් කරයි.

    මෙහිදී සියලුම වාණිජ බැංකු දැඩි අධික්ෂණයට ලක්කරන බව එරට මහබැංකු අධිපතිවරයා කියා සිටි. පෙරට වඩා හොඳින් මුල්‍ය විනය ක්‍රියාත්මක කෙරේ. කලාපයේ සහ ලෝකයේ සියලුම වාණිජ බැංකු සාමාන්‍යයෙන් තම ප්‍රාග්ධනයෙන් සියයට 10 ක් මුදල් ලෙස තබාගෙන ඉතිරි මුදල් විවිධ වාණිජ කටයුතු සදහා යොදා ගනු ලැබේ. එමගින් ජනතාවට ප්‍රායෝජනවත් සේවාවක් සැපයෙන බව ඇෆ්ගනිස්ථාන මහ බැංකුව කියයි. ඇෆ්ගනිස්ථානයේ වාණිජ බැංකු සාමාන්‍යයෙන් තම දේශිය මුදල් හා විදේශ මුදල්වලින් සියයට 50 ක් තමන් ලග තබා ගනී. එබැවින් බැංකු අංශය හොඳ තත්ත්වයක පවති. තලේබාන් පාලනයත් සමග තම ඉතුරුම් ආාපසු ලබා ගැනීම සදහා ජනතාව දිගු පෝලීම්වල රැදි සිටිම නිසා මෙම ප්‍රාකශය සිදු කෙරින.

    Latest News