දෙවන වරටත් ඇෆ්ගනිස්තානය සෙලවෙයි

ජන 12, 2024
    ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් ප්‍රදේශයේ අද අලුයම රිච්ටර් මාපක 4.3 ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඉකුත් පැය 24 තුළ ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වූ දෙවැනි භූ කම්පනය මෙය බවයි.

    භූ කම්පන විද්‍යාව පිළිබඳ එරට ජාතික මධ්‍යස්ථානය පවසන්නේ, අද අලුයම සිදු වූ රිච්ටර් මාපක 4.3 ක ප්‍රබලත්ව‍යකින් යුත් භූ කම්පනය කිලෝමීටර 17 ක් ගැඹුරින් හට ගෙන ඇති බවයි. භූ කම්පනය හේතුවෙන් සිදු වූ දේපළ හෝ ජීවිත හානි කිසිවක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.

    විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඊයේ පස්වරුවේ ද ඇෆ්ගනිස්තානයෙන් රිච්ටර් මාපක 6.4 ක ප්‍රලත්වයකින් යුත් භූ කම්පනයක් වාර්තා වූ බවයි. එම භූ කම්පනයත් සමග පකිස්තානයේ ප්‍රදේශ කිහිපයකින් සහ උතුරු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයකින් පසු කම්පන වාර්තා වූ බව සඳහන්.
    ඇෆ්ගනිස්තානයේ භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ වාර්තා වූ රිච්ටර් මාපක 6.4 ක වූ භූ කම්පනයේ අපකේන්ද්‍රය එරට කාබුල් අගනුවර සිට කිලෝමීටර 241 ක් ඊසානදෙසින් හින්දු කුෂ් කඳුවැටියේ පිහිටි බවයි.

    Latest News