අද සවසට ජය සමරන්න ලෑස්තිද?

ඔක් 30, 2023
    ශ්රී ලංකා පිලේ තීරණාත්මක තරගය අද (30) පස්වරුවේ ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දියාවේ, පූනේහිදීයි.

    ශ්රි ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෙනුවට දිමුත් කරුණාරත්න අද දිනයේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස එක්වීමේ වැඩි ඉඩකඩක් පවතින බව, ශ්රි ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් පවසනවා.

    පාදයේ ආබාධයකට ලක් වූ ළහිරු කුමාර වෙනුවට ශ්රී ලංකා සංචිතයට දුෂ්මන්ත සමීර කැඳවා තිබෙනවා.
     
    ශ්රී ලංකාව අද තරගය ඇතුළුව සියලු තරග ජයගත හොත් ඔවුන්ට සුපිරි 04 වටයට පිවිසීමට වැඩි ඉඩක් විවර වන අතර ඉන්දීය තරගය හැර නවසීලන්ත, ඇෆ්ගනිස්ථාන් හා බංග්ලාදේශ තරග ජය ගත්තද ශ්රී ලංකාවට අවස්ථාවක් උදා කරගත හැකියි.

    Latest News