කොරෝනා තර්ජනය පැවතියද, බොහෝ රටවල් දැඩි අගුළු දැමීමේ සීමා ඉවත් කරයි...

සැප් 16, 2021

    කොරෝනා තර්ජනය පැවතියද, ලොව බොහෝ රටවල් දැඩි අගුළු දැමීමේ සීමා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    ඩෙන්මාර්කය, සිංගප්පූරුව, තායිලන්තය, දකුණු අප්‍රිකාව සහ චිලී යන රාජ්‍යයන් කොරෝනා මර්දන තහංචිවලින් ඉවත්ව, කොරෝනා වසංගතය සමග ජීවත්වීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට අවධානය යොමු කරමින් සිටින බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.  නිල වශයෙන් කොරෝනා මර්දන සීමා ඉවත් කළ ලොව ප්‍රථම රට බවට, පත්වූයේ ඩෙන්මාර්කයයි.

    කොරෝනා වෛරසය තවදුරටත් ජන සමාජයට බරපතල තර්ජනයක් එල්ල කරනු ලබන රෝගාබාධයක් නොවන බවයි, ඩෙන්මාර්ක රජය පවසන්නේ. ඒ අනුව, එරට පනවා තිබූ කොරෝනා මර්දන සීමා ඉකුත් සැප්තැම්බර් 10 වැනිදා සිට ඉවත් කෙරුණා. එරට ජනගහනයෙන් 74% කට අධික පිරිසක් පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ. ඒ සමග රට සාමාන්‍ය තත්වයට පත් කිරීමට හැකිවූ බව,  බලධාරින් පෙන්වා දෙනවා.

    Latest News