නයිජීරියාවේ ජනාධිපතිවරණය කල්යයි

පෙබ 16, 2019

    නයිජීරියාවේ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය,කල් දා තිබේ. එරට ස්වාධීන ජාතික මැතිවරණ කොමිසම,මේ බව නිවේදනය කළේය.

    නයිජීරියාවේ මැතිවරණය,අද පැවැත්වීමට නියමිතව තිබූ අතර, මීට පැය කිහිපයකට ඉහත දී මැතිවරණය කල් දමන බවට මැතිවරණ කොමිසම නිවේදනය කළේය. මේ අනූව, මේ මස 23 වැනි සෙනසුරාදා මැතිවරණය නැවත පැවැත්වීමට කටයුතු කරන බවයි, වාර්තා වන්නේ.

    නයිජීරියාවේ අබුජා අගනුවර පිහිටි ස්වාධීන ජාතික මැතිවරණ කොමිසමේ ප්‍රධාන මූලස්ඡථානයේ පැවැත්වූ හදිසි සාකච්ජාවකින් අනතුරුව, එහි සභාපති මාහ්මූඩ් යකුබූ මැතිවරණය කල් දැමීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කළේය.

    Latest News