නයිජීරියාවේ ගංවතුරින් 600ක් මරුට

ඔක් 17, 2022

    නයිජීරියාවේ පසුගියදා හටගත් ගංවතුර හේතුවෙන් 600 දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වනවා. ලක්ෂ 13ක් පමණ පිරිසක් අවතැන්ව සිටිනවා.


    දශකයකට පසු එරටට ඇතිවූ දරුණුම ගංවතුර තත්වය මෙයයි. විනාශ වූ නිවාස සංඛ්‍යාව ලක්ෂ දෙකකට අධිකයි. ගංවතුර පාලනය සඳහා නිසි සූදානමක් නොමැතිකම හේතුවෙන් අර්බුදය උග්‍ර වූ බවයි එරට රජය පවසන්නේ. ඒ පිළිබඳ අනතුරු අඟවා තිබුනද බලධාරීන් නිසි පියවර ගැනීම‌ට අපොහොසත් වී ඇති බවද එරට ආපදා කටයුතු අමාත්‍යවරයා පවසනවා. නොවැම්බර් මස අග භාගය දක්වා මෙම මේ තත්වය පැවතිය හැකි බවයි එරට කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ.

    Latest News