පිපිරීම් මාලාවක් 18 ක් ජීවිතක්ෂයට

ජූනි 30, 2024

    නයිජිරියාවේ ඊසාන දිග බෝර්නෝ ප්‍රාන්තයේ සිදු වූ පිපිරිම් මාලාවකින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 50 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

    ඊයේ පැවති මංගල සාදයක්, අවමංගල්‍ය උත්සයක් හා රෝහලක් ඉලක්ක කර මේ ප්‍රහාර එල්ලවී ඇති බව නයිජිරියානු ආරක්ෂක අංශ පවසනවා.

    මියගිය පිරිස අතර කුඩා දරුවන් හා ගර්භණි කාන්තාවන් ද සිටින බවයි, වාර්තා වන්නේ. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. ප්‍රහාරය සම්බන්ධ වගකිම කිසිදු පාර්ශවයක් විසින් භාරගෙන නැහැ.  

    විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මකයි. ප්‍රහාර මාලාවත් සමග උද්ගතව ඇති කලබලකාරි තත්වය හේතුවෙන් ආරක්ෂක අංශ බෝර්නෝ ප්‍රාන්තය තුළ ඇදිරි නීතිය පැනවීමට  පියවර ගෙන තිබෙනවා.

    Latest News