අමෙරිකාවෙන් ඉරාන නව අගමැතිවරයාට ඇරයුමක්

අගෝ 06, 2021

    ඓතිහාසික න්‍යෂ්ටික සාකච්ඡා සදහා එක්වන්නැයි එක්සත් ජනපදය ඉරාන නව අගමැති ඊබ්‍රාහිම් රයිසී මහතාට ඇරයුම් කරයි.

    තානාපති සබඳතා යලි ගොඩනංවා ගැනීමට ලැබෙන අවස්ථාවෙන් ප්‍රායෝජන ගන්නැයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

    හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා 2018 දී න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්ව ඉරානයට එරෙහිව සම්බාධාක පැනවීම දෙරට අතර අර්බුදයට මුල් විය. ඉරාන නව අගමැතිවරයා ලෙස ඊයේ දිවුරුම් දෙමින් රයිසී මහතා පැවසුවේ තම රටට එරෙහි සම්බාධක ඉවත්කර ගැනීම සදහා තානාපති මට්ටමින් ඕනෑම සැලැස්මකට සහාය දෙන බවයි.

    ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ දරන බවට බටහිර රටවල් චෝදනා කළද ඉරානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

    Latest News