ග්‍රීසියේ ප්‍රදේශ රැසක ලැව්ගිනි

අගෝ 08, 2021

    ශ්‍රීසියේ ප්‍රදේශ රැසක ලැව්ගිනි තත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එම ප්‍රදේශවල පදිංචිකරුවන් විශාල පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

    ලැව්ගිනි පාලනය සඳහා ගිනි නිවන භටයින් දහසකට අධික සංඛ්‍යාවක් යොදවා ඇති අතර අධික දුමාරය හේතුවෙන් ගින්න පාලනය දුෂ්කර වී ඇති බවයි බලධාරීන් පවසන්නේ. ග්‍රීසියේ දෙවන විශාලතම දූපත වන ඊවා දූපතේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් දෙදහසකට අධික සංඛ්‍යාවක් ඉන් ඉවත් කෙරිණ.

    Last modified on ඉරිදා, 08 අගෝස්තු 2021 12:58

    Latest News