රටවල් රැසක් කොවිඩ් එන්නතේ 3වැනි මාත්‍රාව ලබාදීම අරඹයි

අගෝ 03, 2021

    ගෝලීය රටවල් රැසක් කොරෝනා මර්දනයට තෙවැනි මාත්‍රාවක් ලබා දීම සඳහා යොමු වෙමින් සිටියි. තෙවැනි මාත්‍රාව ලෙස අමෙරිකානු නිෂ්පාදනයක් වන ෆයිසර් එන්නත යොදා ගන්නා බවයි වාර්තා වන්නේ.

    බ්‍රිතාන්‍යයේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් තෙවැනි මාත්‍රාව ලබා දීමේ වැඩසටහන ලබන මස දී ආරම්භ වීමට නියමිතයි.

    එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් පුද්ගලයන්ට වැඩි ආරක්ෂාව ලබාදීම එහි අරමුණයි. මෙලෙස තෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීමටයි සෞඛ්‍ය අංශ බලාපොරොත්තු වන්නේ. නව වැඩසටහනේ පළමු අදියරේ දී එරට ජනගහනයෙන් මිලියන 32කට තෙවැනි කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව ලබාදීමට යෝජනා වී තිබේ.

    ඊශ්‍රායලය කොවිඩ් මර්දන එන්නත් තෙවැනි මාත්‍රාවක් ලබාදීම පසුගිය සතියේ ආරම්භ කළේය. එන්නත් මාත්‍රා දෙකක් සම්පූර්ණ කළ පුද්ගලයන්ට තෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමටයි, එරට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ.

    තුර්කිය හා හන්ගේරියාව ඇතුළු තවත් රටවල් කොරෝනා තෙවැනි එන්නතක් ලබාදීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on අඟහරුවාදා, 03 අගෝස්තු 2021 12:08

    Latest News