කොරෝනා ප්‍රභවය සෙවීමේ ජනමත විමසුම හා අමෙරිකාව

අගෝ 03, 2021

    කොරෝනා වෛරසයේ ප්‍රභවය සෙවීමේ පරීක්ෂණ ඇමරිකාව දෙසට යොමු කළ යුතු බවට ජනමත විමසීම‍කට එක් වූ ගෝලීය පුරවැසියන්ගෙන් සියයට 83.1ක් පවසයි.

    CGTN බුද්ධි මණ්ඩලය පසුගිය 30 වැනිදා චීන, ඉංග්‍රීසි, රුසියානු, ප්‍රංශ, ස්පාඤ්ඤ හා අරාබි ඇතුළු භාෂා හයෙන් Youtube, Twitter, Facebook, Weibo හා Wechat ඇතුළු වේදිකා ඔස්සේ අදාළ ජනමත විමසීම ආරම්භ කළේය.

    Twitter වේදිකාවේ සිදු කෙරුණු ජනමත විමසීමේ ප්‍රතිඵලයට අනූව අමෙරිකාව දෙසට විමර්ශන යොමු කරන ලෙස රුසියානු භාෂාව හසුරුවන පුද්ගලයන්ගෙන් සියයට 86.4ක් ඉල්ලා සිටියේය.

    Youtube වේදිකාවේ ප්‍රංශ භාෂාව හසුරුවන පුද්ගලයන්ගෙන් සියයට 88ක් පැවසුවේ ඇමරිකාවේ දී කොරෝනා වෛරසයේ මූලාරම්භය සෙවීම සිදු කළ යුතු බවයි. Wechat වේදිකාවේ චීන ජාතිකයෝ උණුසුම් ලෙස ඊට සමාන ඉල්ලීම් ඉදිරිපත් කළේය.

    අමෙරිකා මධ්‍යම බුද්ධි තොරතුරු ආයතනය කොරෝනා වෛරසයේ මූලාරම්භය සෙවීම විමර්ශනය කරන්නේ දේශපාලන හේතුමත දැයි, යන ප්‍රශ්නය CGTN බුද්ධි මණ්ඩලය ජනමත විමසීමේදී ඉදිරිපත් කළේය.

    Youtube වේදිකාවේ ප්‍රංශ භාෂාව හසුරුවන පුද්ගලයන්ගෙන් සියයට 84ක් එම ප්‍රශ්නයට “ඔව්” ලෙස ප්‍රතිචාර දැක්විය.

    Weibo වේදිකාවේ සියයට 85කට වැඩි චීන පුද්ගලයන් අදහස් කළේ ඇමරිකානු රජය එම විමර්ශනය සිදු කරන්නේ සම්පූර්ණයෙන්ම දේශපාලන හේතු මත බවයි.

    Last modified on අඟහරුවාදා, 03 අගෝස්තු 2021 09:56

    Latest News