අවුරුද්දකට පසු අමෙරිකාවේ වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාව ඊයේ

අගෝ 02, 2021

    අවුරුද්දකට වැඩි කාලසීමාවක් පසු අමෙරිකාවේ වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තාව වී තිබෙනවා.

    එම සංඛ්‍යාව 64ක්. කොරෝනා වසංගත තත්ත්වය පැතිර යාමත් සමග අමෙරිකාව තුල 4000ක් ඉක්ම වූ පුද්ගලයන් සංඛ්‍යාවක් දෛනිකව මරණයට පත් වන මට්ටමේ අවදානම් කාලසීමාවක් පැවතුණා. එය ක්‍රමයෙන් අඩු වෙමින් පැවති බව වාර්තා වෙනවා.

    නමුත් එම සංඛ්‍යාවන් විටින් විට නව ප්‍රභේද හේතුවෙන් ඉහළ ගිය අතර ආසාදිතයන් වාර්තා වීම ද නැවත වරක් ඉහළ යමින් පැවතියා. විශේෂයෙන් ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ඇමරිකාව තුළ දැනට නව වසංගත තත්වයක අවදානම මතු වෙමින් පවතිනවා. නමුත් සෞඛ්‍ය අංශ වෙත ලැබී ඇති නව දත්ත වාර්තා අනුව අවුරුද්දකට වැඩි කාල සීමාවකදී, දිනක් තුළ වාර්තා වූ 100කට අඩු මරණ සංඛ්‍යාව ඊයේ මෙසේ වාර්තා වී තිබෙනවා. අද වන විට ඇමරිකාව තුල වාර්තාවට සමස්ත මරණ සංඛ්‍යාව 625,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    Latest News