මියන්මාරයේ යළි බහුපාක්ෂික මැතිවරණයක් පැවැත්වීමට සැලසුම්

අගෝ 02, 2021

    මියන්මාරයේ යළි බහුපාක්ෂික මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

    එරට හමුදා නායක මින් අවුන් හයින් ඒ පිළිබඳ ප්‍රතිඥාවක් ලබාදී ඇතැයි වාර්තා වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයෙන් තේරීපත් වූ සිවිල් ආණ්ඩුව පෙරලා දමා බලය පැහැර ගැනීමට එරට හමුදාව ක්‍රියා කළේ පසුගිය පෙබරවාරි පළමුවැනිදා යි. අනතුරුව මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුකී ඇතුළු නායකයන් රැසක් අත්අඩංගුවට ගැනුණා. මේ හේතුවෙන් රට පුරා විරෝධතා හා උද්ඝෝෂණ රැල්ලක් සංවිධානය කෙරුණා. එම විරෝධතාකරුවන් හා උද්ඝෝෂකයන් දැඩි ලෙස මර්දනය කිරීම ද මේ වනවිට සිදුවෙමින් පවතිනවා. එවන් වාතාවරණයක යළි මැතිවරණයක් පැවැත්වීමට පාලන අධිකාරිය සූදානමින් සිටින බවට පළවූ වාර්තා සුබදායක ආරංචියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එසේ වුවද දැනට පවතින හදිසි නීතිය තව දෙවසරකින් දීර්ඝ විය හැකි බවද හමුදා නායකයා කියා සිටියා.

    Latest News