අමෙරිකාවේ දෛනිකව වාර්තාවන 50,000කට වැඩි කොවිඩ්19 රෝගීන්

අගෝ 15, 2020

    54 ලක්‍ෂ 76 දහස ඉක්මවා ඇති අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දෛනිකව 50,000කට ආසන්න සංඛ්‍යාවකින් තවදුරටත් වැඩිවෙමින් පවතී.

    ගතවූ පැය 24 තුළ එරටින් හඳුනාගෙන ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව 60,600ක්.

    අමෙරිකාව තුළ දෛනිකව සිදු කෙරෙන කොරෝනා වෛරස් ආසාදන පරීක්‍ෂාවන් සංඛ්‍යාව සෞඛ්‍යය අංශ විසින් තවදුරටත් ඉහළ නංවා තිබේ. පරීක්‍ෂා කිරීමේ වේගය වැඩි කිරීමත් සමඟ ආසාදිතයන් වාර්තාවීම ද ඉහළ ගිහින්. කොරෝනා වෛරසය හේතුවෙන් අද වනවිට අමෙරිකාවේ එක් ලක්‍ෂ 71,000කට අධික පිරිසක් මියගොස් තිබේ. රෝගයට ගොඳුරුවූවන්ගෙන් 28 ලක්‍ෂ 75,000කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණ සුවය ලබා සිටී.

    Latest News