ජර්මනියේ යළි ජල ගැල්මක්; මියගිය පිරිස 156ක්

ජූලි 19, 2021

    ජර්මනියේ බටහිර ප්‍රදේශයේ යළි ජල ගැල්මක් ඇති වී තිබෙනවා.

    ඉන් මියගිය පිරිස 156 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට යුරෝපා රටවල් රැසක ප්‍රදේශ කිහිපයක් ජල ගැල්මට හසුව තිබෙනවා. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ජර්මනියටයි. වසර 60කට පසු ජර්මනියට බලපෑ බරපතලම ස්වභාවික ආපදාව මෙය බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ. මේ හේතුවෙන් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවූ අයහපත් කාලගුණ තත්වය ජල ගැල්මට ප්‍රධාන හේතුවයි.

    Latest News