ටෝකියෝ ගම්මානයෙන් කොරෝනා ආසාදිතයෙක්

ජූලි 17, 2021

    ජපානයේ ටෝකියෝ ඔලිම්පික් ගම්මානයෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවී තිබේ. ඔලිම්පික් උළෙල ආරම්භවීමට ඇත්තේ,තවත් දින 6ක් පමණයි.

    ටෝකියෝ ඔලිම්පික් බළධාරීන් පවසන්නේ, විදේශයට සිට පැමිණි තරග සංවිධායකවරයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට මෙලෙස හඳුනාගෙන ඇති බවයි.

    ජපාන බලධාරීන් ඔහුගේ අනන්‍යතාව හෙළි කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු වහාම ඔලිිම්පික් ගම්මානයෙන් ඉවතට රැගෙන ගොස් ඇති අතර කොරෝනා ව්‍යාප්තිය මැඩලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග තවත් දැඩි කළ බව ද බලධාරීන් සඳහන් කරයි.

    දැඩි ආරක්ෂිත විධිවිධාන ක්‍රියාත්මකවන ඔලිම්පික් ගම්මානය තුළ 18,000ක පිරිසක් නවාතැන් ගැනීමට නියමිතයි.

    කොරෝනා වසංගතය බලපෑමෙන් 2020 ඔලිම්පික් උලෙළ පැවැත්වෙන්නේ ද වසරකට පසුවයි.

    Latest News