ජංගම දුරකථන ඔස්සේ ඔත්තු බැලූ පෙගාසස්

ජූලි 19, 2021

    ජංගම දුරකථන ඔස්සේ ඔත්තු බැලීම සිදු කර ඇතැයි සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

    ලොවපුරා පුද්ගලයන් 50,000 කගේ පමණ මේ ඔස්සේ තොරතුරු එක්රැස් කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසනවා. මාධ්‍යවේදීන්, නීතිඥයන් සහ ප්‍රබල සමාජ ක්‍රියාකාරීන්ගේ ජංගම දුරකථන මේ සඳහා ඉලක්ක කොටගෙන ඇති බව එම වාර්තාවේ සඳහන්. ජංගම දුරකථන යෙදවුම් උපයෝගී කරගෙන ඊශ්‍රායල සමාගමක් මෙම ඔත්තු බැලීම සිදු කර තිබෙනවා. මෙම යෙදවුමේ නම "පෙගාසස්" යන්නයි. ජංගම දුරකතනයේ ඇති කෙටි පණිවිඩ, ඡායාරූප, ඊමේල් පණිවිඩ සහ පටිගත වී ඇති දුරකතන සංවාද හොර රහසේ ලබාගෙන ඇති බවටයි සමීක්ෂණයෙන් හෙළිවී තිබෙන්නේ. ඊට අමතරව යෙදවුම් ඔස්සේ දුරකථනය මයික්‍රෆෝනය ද හොර රහසේ ක්‍රියාත්මක කර තිබෙනවා. ඇමරිකානු ජාතික මාධ්‍යවේදී ජමාල් කශෝගි, මෙක්සිකානු ජාතික මාධ්‍යවේදී සෙසිලි‍යෝ පිගේඩා යන මාධ්‍යවේදීන් ඝාතනය කිරීමට මෙම ක්‍රමවේදය යොදා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News