ගල්ඔය ගගේ ඉවුරු කඩාගෙන යාමෙන් වගා බිම් රැසක් ජලයෙන් යටව තිබෙනවා.
ඊසානදිග මෝසම් සුළං තත්වය යටතේ ඇතිවන ගංවතුර තත්වය හේතුවෙන් මේ වන විට පවුල් පන්දහසක් පමණ ආපදාවට ලක්ව ඇති බවයි අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතා පැවසුවේ.
පසුගිය සෙනසුරාදා සිට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මේ වන විට අම්පාර දිස්ක්කයේ වැව් වාන් දමන අතර අම්පාර දිස්ත්‍රික්යේ විශාලතම ජලාශය වන ඉගිනියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අඩි 108.3 දක්වා ඉහල ගොස් තිබෙනවා.
වාන් දොරටු පහක් විවෘත කර තිබෙන අතර එම හේතුව නිසා නෛකාඩු ප්‍රදේශයෙන් ගල්ඔය ගංගාවේ ඉවුරු බිඳී ගොස් විශාල කුඹුරු ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇත.
අම්පාර දීඝවාපී පුද බිමට ගමන් කරන මාර්ගය ඇතුළු ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බවද අප වාර්තාකරු පවසනවා.