ගංවතුරින් පීඩාවට පත් පකිස්තානුවන් රැසක් හදිසි ආධාර බලාපොරොත්තුවෙන්

සැප් 12, 2022

    ‍ගංවතුරින් පීඩාවට පත් පකිස්තානුවන් දහස් ගණනක් තවමත් හදිසි ආධාර බලාපොරොත්තුවෙන් සිටිනවා.

    ආපදාවට පත් වූ ජනතාවට ලැබෙන ආධාර ප්‍රමාණවත් නොවන බවයි, සහන සේවා කණ්ඩායම් පවසන්නේ.

    සිංද් පළාත, ගංවතුරින් වැඩිම බලපෑමක් එල්ල වූ කලාපයක්. තවදුරටත් ප්‍රදේශයේ ජල ගැලීම් පවතිනවා. සහන සේවා මධ්‍යස්ථානවල ඉඩ ප්‍රමාණවත් නොවීම බරපතල ගැටලුවක්. මේ නිසා බොහෝ පිරිසක් එකම ස්ථානයක රැදී සිටීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසක් පැන නැගී තිබෙනවා. කුඩා දරුවන් ද, පාචනය, චර්ම රෝග වැනි බොහෝ රෝගවලට ගොඳුරු වී ඇති බව, එරට සෞඛ්‍ය අංශ පවසනවා. මිලියන 30 ක පමණ පිරිසක් ගංවතුරින් අවතැන් වුණා.

    Latest News