ලොව පුරා කොවිඩ් මරණ 39 ලක්ෂයකට අධිකයි

ජූනි 30, 2021

    කොරෝනා ගෝලීය සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට 18 කෝටි 25 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. 

    ලොව පුරා සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 39 ලක්ෂයකට අධිකයි. ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ බ්‍රසීලයෙන්.

    හඳුනා ගනු ලැබ ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව 64,903ක් වන අතර එම කාල සීමාවේ කොරෝනා මරණ 1,917ක් සිදුව තිබේ. ලොව දෙවනුවට වැඩිම ආසාදිතයන් වාර්තා වන ඉන්දියාවෙන් ඉකුත් පැය 24 තුළ හඳුනා ගනු ලැබ ඇති රෝගීන් සංඛ්‍යාව 45,699ක්.

    මේ වන විට ලොව පුරා දැඩි අවධානයකට ලක්ව ඇතිතේ රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදයයි.

    කෙසේ වුවද ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව මොඩර්නා එන්නත ඉහළ එලදායිතාවක් පෙන්නුම් කරන බව එම සමාගම පවසයි. එන්නතේ මාත්‍රා දෙකම ලබා දුන් පුද්ගලයන් 8 දෙනෙක්ගේ රැධිර සාම්පල, එන්නත ලබාදී සතියකින් පසු පරීක්ෂා කිරීමේ දී මේ පිළිබඳ තහවුරු වූ බවයි පර්යේෂකයන් පවසන්නේ.

    Last modified on බදාදා, 30 ජූනි 2021 11:14

    Latest News