කැනඩාවේ අධික උණුසුම නිසා මරණ රැසක්

ජූනි 30, 2021

    කැනඩාවට බලපා ඇති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. බ්‍

    රිටිෂ් කොළොම්බියා පළාත් පොලීසිය සඳහන් කළේ ඉකුත් සඳුදා සිට මේ දක්වා කලාපයෙන් හදිසි මරණ 70ක් පමණ වාර්තා වූ බවයි.

    මෙම මරණ සියල්ල අධික උෂ්ණත්වය නිසා සිදු වන්නට ඇති බව පොලීසිය පවසයි. මිය ගිය බොහෝ දෙනෙකු වයස්ගත පුද්ගලයන්. කැනඩාවේ උෂ්ණත්වය අඛණ්ඩව තෙවැනි දිනටත් වාර්තාගත අගයක පැවති අතර බ්‍රිටිෂ් කොළොම්බියා සහ ලිටන් යන ප්‍රදේශවල උෂ්ණත්වය ඊයේ සටහන්ව තිබුණේ සෙල්සියන් අංශක 49.5ක් ලෙසයි.

    මීට පෙර කිසිඳු අවස්ථාවක කැනඩාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවා ගොස් නැතැයි බලධාරීන් පවසයි.

    Last modified on බදාදා, 30 ජූනි 2021 11:22

    Latest News