40 ලක්ෂ අනූ එක්දහස ඉක්මවූ කොවිඩ් මරණ

ජූලි 17, 2021

    ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 19 කෝටිය ඉක්මවා තිබේ. දෛනිකව වාර්තාවන ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ පනස් දහසකට වැඩි බවයි, වාර්තා වන්නේ.

    කොරෝනා වෛරසය ආසාදනයෙන් ගෝලීයව මියගිය පිරිස හතළිස් ලක්ෂ අනූ එක් දහස ඉක්මවයි. දෛනිකව දහසකට වැඩි පුද්ගල මරණ වාර්තා වන බ්‍රසීලය හා ඉන්දුනීසියාව වෛරසයේ දැඩි බලපෑමට ලක්ව තිබේ. බ්‍රසීලයෙන් පනස් දහසකට ආසන්න දෛනික ආසාදිතයන් පිරිසක් වාර්තා වන අතර එහි සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක් කෝටි අනූ තුන් ලක්ෂ 8000කට අධිකයි.

    බ්‍රසීලයේ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව පන් ලක්ෂ 40,500ක්. ඉන්දුනීසියාවේ ගතවූ පැය 24 තුළ මරණ 1205ක් වාර්තා වෙයි. එරට සමස්ත මරණ සංඛ්‍යාව 71,000 ඉක්මවා ඇති ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අංශ පත්ව සිටින්නේ දැඩි අර්බුදකාරී තත්වයකයි.

    රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සහ සෞඛ්‍ය පහසුකම් හිඟවීම නිසා සත්කාර සේවා අසීරුවී තිබේ.

    සමස්ත ආසාදිතයන් විසි හත් ලක්ෂ අසූ දහස ඉක්මවා ඇති ඉන්දුනීසියාවේ දෛනිකව ආසාදිතයන් පිරිස පනස් දහස ඉක්මවයි.

    නව ඩෙල්ටා ප්‍රභේදය හා අනෙකුත් ප්‍රභේද හේතුවෙන් දෛනික ආසාදිතයන් 50,000කට වැඩි පිරිසක් වාර්තා වන රටවල් අතර බ්‍රිතාන්‍ය ද පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on සෙනසුරාදා, 17 ජූලි 2021 13:24

    Latest News