ඩෙල්ටා ප්‍රභේදය දකුණු අප්‍රිකාව තුළ දරුණු ලෙස....

ජූනි 28, 2021

    කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය දකුණු අප්‍රිකාව තුළ දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතී.

    මේ නිසා, එරට රජය දැනට පනවා ඇති සෞඛ්‍ය නීති තවත් දැඩි කිරීමට පියවර ගෙන ඇත. දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මෙම නව නීති ප්‍රකාශයට පත් කළේ, අප්‍රිකානු මහද්වීපය පුරා කොරෝනා ආසාදනයන් ඉහළ යාම පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමත් සමඟයි.

    එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, ශීග්‍රයෙන් පැතිර යන නව කොවිඩ් රැල්ල පාලනය සඳහා මෙය රජය ගෙන ඇති අවසන් උත්සාහය බවයි. ඒ අනුව, ගෘහස්ත හා එළිමහන් රැස්වීම් දින 14කට තහනම් කර ඇති අතර, ඇඳිරි නීතිය ද තවදුරටත් දීර්ඝ කර තිබේ.

    මේ අතර විදෙස් වාර්තා පවසන්නේ, දකුණු අප්‍රිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව හැට දහසක් වන නමුත්, අතිරික්ත මරණ සංඛ්‍යාලේඛණ අනුව පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා එක් ලක‍්ෂ 70,000ක් පමණ මියගොස් ඇති බවයි.

    Latest News