යුරෝපා සංගමයෙන් රුසියාවට තවදුරටත් සම්බාධක

මැයි 03, 2022

    යුරෝපා සංගමය රුසියාවට එරෙහිව යළිත් සම්බාධක පැනවීමට සූදානම් වෙයි.

    එම සංගමයේ මීළඟ විදේශ සබඳතා කවුන්සිලයේ දී හයවැනි වටයේ සම්බාධක පැනවීමටයි, තීරණය කර ඇත්තේ.

    ඒ අනූව, රුසියාවෙන් සිදුකරන ආනයන සඳහා තවදුරටත් සම්බාධාක පැනවීමට සැළසුම්කර තිබේ. එහිදී, ඉන්ධන සඳහා දැනට පවතින සම්බාධක තවදුරටත් වැඩිකිරීමට ද අපේක්ෂිතයි.

    කෙසේ වුවද, ඇතැම් විශේෂඥයින් පවසන්නේ මේ වන විටත් යම් අර්බුධකාරී තත්වයක් පවතින යුරෝපා බලශක්ති ක්ෂේත්‍රය මින් තවදුරටත් බලපෑමට ලක්වන බවයි.

    Last modified on අඟහරුවාදා, 03 මැයි 2022 09:34

    Latest News