ග්‍රීස්ම සෘතුවේ බිලියනයකට වැඩි පිරිසක් අඳුරේ

මැයි 27, 2022

    ග්‍රීස්ම සෘතුව ආරම්භවීමත් සමග ගෝලීය වශයෙන් බිලියනයකට වැඩි පිරිසකට විදුලිය නොලැබීම නිසා දැඩි දුෂ්කරතාවකට මුහුණදීමට සිදුවන බව ඔයිල් ප්‍රයිස් වෙබ් අඩවිය පවසයි.

    රුසියානු ඉන්ධන වර්ජනය මීට ප්‍රධාන වශයෙන් බලපාන බවයි, එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

    සමස්ත යුරෝපයම, ගල් අගුරු භාවිතය හා තාප බලාගාර වෙතින් ඉවත්වී පුනර්ජනනීය බලශක්ති වෙත යොමු වීමට ජී - 7 සමුළුවේදී එකඟ වී තිබේ. බොහෝ රටවල් එම අරමුණ කරා ගමන් කරමින් සිටියි.

    එහෙත්, පාරිසරික විපර්යාසවලට මුහුණ දීමට අවශ්‍ය බලශක්ති සියයට සියයක්ම තවමත් පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කර ගැනීමට එම රටවල් අපොහොසත් වී තිබේ.

    රුසියානු - යුක්‍රේන යුද්ධය හේතුවෙන් බටහිර රටවල් හා යුරෝපා රටවල් මේ වන විට රුසියානු තෙල් සඳහා සම්බාධක පනවා තිබේ.

    Last modified on සිකුරාදා, 27 මැයි 2022 10:37

    Latest News