අතුරුදන් වූ ඉන්දුනීසියානු සම්බැරීන්යේ සිටි නාවිකයන් 53 දෙනා මරුට

අප්‍රේ 26, 2021

    පසුගිය දා අතුරුදන් වූ සම්බැරීන්යේ සිටි නාවිකයන් 53 දෙනා මියගොස් ඇතැයි ඉන්දුනීසියාව පවසනවා.

    එරට බාලි වෙරල තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී ඔවුන් අතුරුදන් වුණා. සබ්මැරීනය සොයා ගන්නා අවස්ථාවේදී එය කොටස් 3කට වෙන් වී තිබුණා.

    KRI 402 නැමැති ජර්මනියේ නිෂ්පාදිත වසර හතළිහකට වඩා පැරණි ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන මෙම සබ්මැරීනය බාලි මුහුද ආසන්නයේ මෙලෙස අතුරුදන් වූයේ ඉකුත් බදාදායි. ඒ, සබ්මැරීනය නාවික අභ්‍යාසයක සම්බන්ධ වී යළි ගොඩ වෙත පැමිණෙමින් සිටියදී. යාත්‍රාව තුළ සිදු වූ ඉන්ධන කාණ්දුවක සලකුණු සොයා ගැනීමෙන් එහි ඉන්ධන ටැංකියට සිදු වූ හානිය හේතුවෙන් සබ්මැරීනය අනතුරට ලක් වන්නට ඇති බවට දැනට සැක කරනවා.

    කාර්ය මණ්ඩලයට සබ්මැරීන තුළ රැඳී සිටීමට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ඊයේ වන විට අවසන් වන්නට ඇතැයි නාවික බලධාරීන් අනුමාන කළා.

    Latest News