ඉන්දියාවේ රෝහල් ආසාදිතයින්ගෙන් පිරී යයි..

අප්‍රේ 27, 2021

    කොරෝනා දෙවැනි රැල්ලෙන් දැඩි ලෙස බැටකමින් සිටින ඉන්දියාවේ තත්වය දිනෙන් දිනම බරපතල වන බව, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    එරට ඖෂධ සහ ඔක්සිජන් හිඟය මීට ප්‍රධාන හේතුවක්.

    ඉන්දියාවේ මේ වන විට කොරෝනා වෛරස නව ප්‍රභේදයක් හමු වී ඇති අතර, එම ප්‍රභේදය හේතුවෙන් තත්වය තවත් බරපතල වී ඇති බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

    ඊයේ දින අඛණ්ඩව පස්වැනි දිනටත් ඉන්දියාවෙන් වාර්තාගත රෝගීන් සංඛ්‍යාවක් හමුවිය. එසේම, ඊයේ දින අඛණ්ඩව පස්වැනි දිනටත් වාර්තාගත මරණ සංඛ්‍යාවක් සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

    ඊයේ දිනයේ එරටින් නව ආසාදිතයන් තුන් ලක්ෂ 19,000ක් හමු වූ අතර ඊයේ දිනයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 2,700 ඉක්මවයි.

    කෙසේ වෙතත් දැනට වාර්තා වී ඇති දත්තයන්ට වඩා සැබෑ තත්වය ඉතාම බරපතල විය හැකි බවයි, විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

    දැනට ඉන්දියාවේ වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණයට වඩා සැබෑ රෝගීන් ප්‍රමාණය සහ මරණ ප්‍රමාණය අධික බව, විශ්ලේෂකයින් සඳහන් කරයි.

    ඉන්දියාවේ අද වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව එක් කෝටි 76 ලක්ෂය ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 98,000ට ආසන්න වී තිබේ.

    Last modified on අඟහරුවාදා, 27 අප්‍රේල් 2021 09:44

    Latest News