ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ කොවිඩ් රෝගීන් 216000ක්

අප්‍රේ 16, 2021

    ඉන්දියාවෙන් ඉකුත් පැය 24 තුළ කොරෝනා නව ආසාදිතයින් 216,000 ට අධික පිරිසක් වාර්තාවී තිබේ.

    එරටින් දිනක් තුළ මෙතෙක් හඳුනාගනු ලැබූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ඉන්දියාවට බලපා ඇති උග්‍ර කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ප්‍රාන්ත හා ප්‍රදේශ කීපයක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින ප්‍රදේශ ලෙස හදුනා ගෙන ඇති ජනාකීර්ණ ස්ථානයි. නව ආසාදිතයන් විශාල වශයෙන් ඉහළ යාමට ගංගා නම් නදී ආශ්‍රිත ව අපරික්ෂාකාරීව සිදු කෙරුණු ආගමික ක්‍රියා ප්‍රධාන හේතුවක් බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. කුම්භමේලා උත්සවය ආගමික වතාවත් සඳහා බිලියන තුනකට අධික පිරිසක් එක්රැස් වීම හා ගංගා නම් නදියේ ස්නානය කිරීම වෛරස මෙලෙස වේගවත්ව පැතිර යෑමට මූලික හේතුවක් බවයි ඔවුන් පවසන්නේ.

    Latest News