චීනය පුනර්ජනනීය බලශක්තියට මාරු වීම තුළින් බිලියන 1.6ක ඉතිරියක්

අප්‍රේ 16, 2021

    චීනය ගල් අගුරු භාවිතයෙන් පුනර්ජනනීය බලශක්ති වෙත මාරු වීම තුළින් ඩොලර් බිලියන 1.6 ක් ඉතිරි කර ගත හැකි බව නවතම වාර්තා පෙන්වා දෙනවා.

    චීනයේ දැනට ගල් අගුරු බලාගාර 1000කට වැඩි සංඛ්‍යාවක් සක්‍රීය තත්ත්වයේ පවතිනවා. පුනර්ජනනීය බලශක්තිය නිපදවා ගැනීමේ තාක්ෂණික දියුණුවත් සමඟ ඉතා ලාභදායී බව වාර්තා මගින් පෙන්වා දෙන්නේ. ඒ සඳහා දැරිය යුතු වන්නේ ගල් අඟුරු බලාගාරයක් පවත්වාගෙන යාමට දරන පිරිවැයට වඩා ඉතා අඩු පිරිවැයක්. පරිසර හිතකාමී වීම හේතුවෙන් රටකට එය තවදුරටත් ලාභදායී වන්නක්. චීනය දැනට පවත්වාගෙන ගල් අඟුරු බලාගාරවලින් 588 වසා දැමීමට ක්‍රියා කරමින් සිටිනවා. ඒ ගෝලීය පරිසර ආරක්ෂණ වැඩපිළිවෙළ යටතේ චීනය වෙත කෙරෙන බල කිරීම හේතුවෙන්. අවුරුදු දහයකට පෙර ගෝලීය පාරිසරික ආරක්ෂණ මණ්ඩලය මගින් සිදුකෙරුණු ඉල්ලීමට තවත් නිසි ප්‍රතිචාර ලබා නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    Latest News