කොරෝනා නිසා වැඩිම ළදරු මරණ බ්‍රසීලයෙන්

අප්‍රේ 16, 2021

    බ්‍රසීලයේ කොවිඩ්19 මරණ ඉහළ අගයකට පැමිණ තිබේ.

    සෙසු රටවලට සාපේක්ෂව කොරෝනා වෛරසය බලපෑමෙන් ළදරුවන් වැඩිම සංඛ්‍යාවක් මරණයට පත්ව ඇත්තේ බ්‍රසීලයේ. කොරෝනා වසංගත තත්වය හටගෙන වසරකට වැඩි කාලයක් ගතවී ඇති බ්‍රසීලයේ මේ දක්වා මිය ගොස් ඇති පිරිස තුන්ලක්ෂ හැටි පන්දාහකට අධිකයි. මේ වනවිට වැඩිම දෛනික මරණ වාර්තා වෙමින් පවතිනවා. ඉකුත් පැය 24 තුළ සිදු වී ඇති කොවිඩ්19 මරණ සංඛ්‍යාව 3,774ක්. බ්‍රසීලලේ මෙතෙක් සිදුව ඇති කොරෝනා මරණ අතරට ළදරුවන් 1,300 දෙනෙකුද ඇතුළත්. එරටින් මෙතෙක් වාර්තා වී ඇත්තේ කොරෝනා සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව කෝටි තිස් හත් ලක්ෂ 58000 ඉක්මවනවා.

    Latest News