ඉරානය සමග පැවති න්‍යෂ්ටික අවි සාකච්ජා සාර්ථකයි

අප්‍රේ 07, 2021

    ඉරානය සහ ලෝක බලවතුන් අතර පැවති න්‍යෂ්ටික අවි පිළිබඳ සාකච්ජා සාර්ථක වී තිබේ.

    ඒ අනූව මීළඟ සාකච්ජා වටය එළඹෙන සිකුරාදා පැවැත්වීමට නියමිතයි.

    දෙපාර්ශවය අතර සාකච්ජා පැවැත්වෙන්නේ, ඔස්ට්‍රේලියාවේ වියානා නුවරදී. ඉකුත් 2018 වසරේ දී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගිවිසුමෙන් ඒකපාර්ශ්විකව ඉවත් වීමට තීරණය කිරීම අන්තර්ජාතිකව දැඩි අවධානයට ලක් විය.

    අමෙරිකාව හැර ඉරනය ඇතුළු අනෙකුත් රටවල් තවමත් 2015 න්‍යෂ්ටික ගිවිසුමට පක්ෂපාතීව සිටියි. කෙසේ වුවද, මෙවර සාකච්ජාවල දී නැවතත්, අමෙරිකාව ගිවිසුමට සම්බන්ධ වීම පිළිබඳව ද අවධානය යොමුවනු ඇති.

    චීනය,රුසියාව,ජර්මනිය,ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය සාකච්ජාව සඳහා සහභාගී වන අනෙකුත් රටවල්.

    ඉරාන නියෝජිතයින් කියා සිටියේ,එලදායී සාකච්ජාවක් පැවැත්වීමට හැකි වූ බවයි.

    Last modified on බදාදා, 07 අප්‍රේල් 2021 12:20

    Latest News