පකිස්තානය කාශ්මීරය සමග වෙළෙඳ ගනුදෙනු නවතයි

අප්‍රේ 02, 2021

    පකිස්තානය,ඉන්දියාවේ කාශ්මීරය සමග වෙළෙඳ ගනුදෙනු කිරීම කල් දමා තිබේ.

    ඒ 2019 වසරේ කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ බලතල ඉන්දියාව විසින් ඉවත් කරනු ලැබීමත් සමගයි.

    පකිස්තානයේ ආර්ථික සම්බන්ධීකරණ කමිටුව යෝජනා කර තිබුණේ,කාශ්මීරයෙන් කපු හා සීනි ආනයනය කිරීමටයි.

    පකිස්තානයට ඒ සම්බන්ධයෙන් හටගෙන ඇති හිඟය මග හරවා ගැනීම එහි අරමුණයි.

    එහෙත් අදාළ යෝජනාව පකිස්තාන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රතිපත්තිය පිළිබඳ ඇති වූ ගැටලු හේතුවෙන්,ඔවුන් එය ප්‍රතික්ෂේප කර තිබේ.

    පකිස්තානය පවසන්නේ,ඉන්දියාවේ තීරණය යම් වෙනසකට ලක් වන්නේ නම්, මෙම යෝජනා පිළිබඳ සළකා බැලිය හැකි බවයි.

    Last modified on සිකුරාදා, 02 අප්‍රේල් 2021 11:21

    Latest News