දරුවන් දෙදෙනෙක් බෝම්බයට බිලි

අගෝ 25, 2024
    නිරිත දිග පකිස්ථානයේ බෝම්බ පිපිරිමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

    මියගිය පුද්ගලයින් දෙදෙනා ළමුන් වන අතර සිද්ධියෙන් තුවාල ලැබුවන්ගෙන් හත් දෙනෙකු පොලිස් නිලධාරින් බවයි, වාර්තා වන්නේ.

    මෝටර් රථයකට සවිකර තිබු බෝම්බයක් පුපුරා යෑමෙන් මෙම සිද්ධිය සිදු වී ඇති අතර, ප්රහාරයේ වගකීම් මේ වනතෙක් බාරගෙන නැහැ.
     
    සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන කටයුතු සිදු කරන බවයි, වාර්තා වන්නේ.
     
    මේ අතර එරට අගමැති ෂෙබාස් ෂරීෆ් ප්රහාරයෙන් විපතට පත් පිරිස් වෙනුවෙන් සිය ශෝකය ප්රකාශ කර ඇති අතර සිද්ධියට වගකිවයුත්තන් හඳුනාගෙන ඔවුන්ට නිසි දඩුවම් ලබා දීමට පියවර ගන්නා ලෙස ද ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා.

    Latest News