සන්නද්ධ පිරිස් වාහන නවතා පහර දෙයි

අගෝ 26, 2024
    පකිස්තාන සටන්කාමී සන්නද්ධ පිරිසක්, නිරිතදිග පකිස්ථානයේ අධිවේගී මාර්ගයක ගමන් කළ වාහන නවතා ප්‍රහාර එල්ල කර තිබෙනවා.

    ඉන් 23 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි, වාර්තා වනවා.

    සන්නද්ධ පිරිසක් බලුකිස්ථාන් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ, වාහනවලින් මගීන් ඉවත් කර, ඔවුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව, වෙඩි තැබීම සිදු කර තිබෙනවා.
    මියගිය පුද්ගලයන් අතර මගීන් මෙන්ම, ට්‍රක් රථ රියදුරන් ද වනවා. සටන්කාමීන් ට්‍රක් රථ 10 ක් පමණ ගිනි තබා තිබෙනවා.
    නිවේදනයක් නිකුත් කරමින්, බලුකිස්ථාන් හමුදාව පවසන්නේ, සටන්කාමීන් සිවිල් ඇඳුමින් ගමන් කරමින් සිටි හමුදා සාමාජිකයන් ඉලක්ක කර ‍වෙඩි තබා ඇති බවයි.
    ප්‍රහාරය හෙලා දකිමින්, අගමැති කාර්යාලය නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, වගකිව යුත්තක් නීතිය ඉදිරියට පමුණුවන බවයි.

    Latest News