ඉරාන න්‍යෂ්ඨික අර්බුදය ගැන ලෝක බලවතුන් සමග සාකච්ජා

අප්‍රේ 02, 2021

    ඉරාන න්‍යෂ්ඨික අර්බුදය සම්බන්ධයෙන් ලෝක බලවතුන් එරට සමග සාකච්ජා කිරීමට සූදානම් වෙයි.

    ඔවුන් එම ක්‍රියාමාර්ගයට එළඹ ඇත්තේ,අමෙරිකාව ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වී වසරකට පසුවයි.

    යුරෝපා සංගමය නිවේදනය කළේ,2015 ඉරාන න්‍යෂ්ඨික ගිවිසුමේ අමෙරිකාව හැර අනෙකුත් පාර්ශවයන් අද දින සාකච්ජා වටයක් පැවැත්වීමට නියමිත බවයි.

    එම සාකච්ජාවල දී අමෙරිකාව යළිත් මෙම ගිවිසුමට එක්වීම පිළිබඳ අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරෙන බවයි,වාර්තා වන්නේ.

    ජනාධිපති ජෝ බයිඩන් ඊට සිය කැමැත්ත පළ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    Last modified on සිකුරාදා, 02 අප්‍රේල් 2021 12:49

    Latest News